brand logo
logo

ලෝකය කොවිඩ් තුන්වන රැල්ලක් අභියස

16 July 2021

කොරෝනා ගැන WHO අනතුරු ඇගවීමක්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර පැතිරීම හේතුවෙන් ලෝකය මේ වන විට තුන්වන කොවිඩ් රැල්ලේ මුල් අදියරට ලඟා වෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් අනතුරු ඇගවීමක් සිදු කර තිබේ. A Scorecard for Dr. Tedros as the WHO's Director-General | Council on  Foreign Relations ඩෙල්ටා විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තිය මෙන්ම සමාජය තුළ සංචලතාව ඉහළ යාම සහ තහවුරු කළ සමාජ සෞඛ්‍ය සුරකීමේ ක්‍රියාමාර්ග අනුගමනය නොකිරිම හේතුවෙන් නැවතත් කොරෝනා අසාදිතයින් ගණන සහ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වෛද්‍ය ටෙඩ්රෝස් සඳහන් කර තිබේ. කොවිඩ් වෛරසය තවදුරටත් ප්‍රචාරණය වන ප්‍රභේදවලට පරිණාමය විය හැකි බවත් මේ වනවිට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ලොව රටවල් 111 ක පැතිර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..