roadBlockMobile
brand logo
logo

මෙරටට පළිබෝධ නාශක 200ක් ගෙනැල්ලා

17 July 2021

කාබනික පළිබෝධ නාශක ලියාපදිංචිය අරඹයි

මෙරටට පළිබෝධ නාශක වර්ග 200ක් ආනයනය කර ඇතත් ඉන් පරීක්ෂාවට ලක්කර ඇත්තේ 18ක් පමණක් බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. Brazil's fundamental pesticide law under attack එම පරීක්ෂණ කටයුතු සිදු කර ඇත්තේද විදෙස් රටවලදී බවත් ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

වී ඇතුළු විවිධ භෝග වර්ග යෙදීම සඳහා කෘමිනාශක, වල් නාශක සහ දිලීර නාශක වර්ග 200ක් පමණ පසුගිය කාලය පුරාවට ආනයනය කර ඇති බවත්, ඉන් රජයේ ලියාපදිංචිය ලබාගෙන ඇත්තේ පළිබෝධනාශක වර්ග 80ක් පමණක් බව ද ඇමැතිවරයා පැවසුවේය.

රසායනික පළිබෝධ නාශක වර්ග මෙරට වගාවන්ට යෙදීම නිසා පරිසරයට දැඩි බලපෑමක් එල්ල වන බැවින් මෙරටදී නිපදවනු ලබන කාබනික පළිබෝධ නාශක ලියාපදිංචි කිරීමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇතැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය. Types Of Natural Pesticides - Learn About Organic Pesticides For Plants සාලිය කුමාර ගුණසේකර
 

More News..