කලා ඔයේ වතුර මුහුද යටින් කල්පිටියට
26 May 2024 | අශිකා ජයවීර
කලා ඔයේ වතුර මුහුද යටින් කල්පිටියට
26 May 2024 | අශිකා ජයවීර
කලා ඔයේ ජලය පිරිපහදු කර කිලෝමීටර් හතරක දුරක් මුහුදු පතුලේ එලූ නළ මාර්ගයක් හරහා කල්පිටියට ගෙන ඒමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජල සම්පාදන අමාත්‍යංශය පවසයි.
එම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබේ. කල්පිටිය යනු ලංකාවේ බොහෝ එළවළු වර්ග වගා කළ හැකි ප්‍රදේශයක් මෙන්ම ගල් අඟුරු, සුළං සහ සෝලා බලාගාර හරහා රටේ ජාතික විදුලි පද්ධතියට 66% ක විදුලි ධාරිතාවක් දැනටමත් ලබාදෙන ප්‍රදේශයකි.
එමෙන්ම ලංකාවේ ලුණු නිෂ්පාදනය 50% කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේත් කල්පිටිය අයත් ප්‍රධාන පුත්තලම දිස්ත්‍රික්කයෙනි.
නමුත් ජල සම්පාදන අමාත්‍යාංශය පවසන්නේ මෙම ප්‍රදේශයේ ජනතාවට ඇති විශාලතම ගැටලුව පිරිසිදු පානීය ජලය නොමැතිකම බවය.
ඒ හේතුවෙන් පසුගියදා කල්පිටිය මජ්ජිත් කුෆා මුස්ලිම් පල්ලි භූමියේ රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වැය කරමින් නැනෝ තාක්ෂණික ප්‍රති ආශ්‍රිත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර තිබේ.
කෙසේ වෙතත් කලා ඔයේ සිට මෙලෙස ජලය පිරිපහදු කර කල්පිටියට ගෙන ඒමේ වැඩපිළිවෙළ ක්ෂණිකව කළ නොහැකි බවත් ඒ සඳහා විශාල පිරිවැයක් මෙන්ම ශ්‍රමයක් දැරීමට ද සිදුවන බව අමාත්‍යාංශය පවසයි. නමුත් ඉදිරි වසර කිහිපය තුළ මෙය සම්පූර්ණ වශයෙන් අවසන් කළ හැකි බවද ඔවුහු කියා සිටීති.