roadBlockMobile
brand logo
logo
බුද්ධි අංශයේ නිලධාරියෙක් ගංජා ජාවාරමක

බුද්ධි අංශයේ නිලධාරියෙක් ගංජා ජාවාරමක

15 October 2024

තණමල්විලෙන් ගංජා රැගෙන විත් රසායනික ද්‍රව්‍ය කලවම් කර ඉන්දියාවෙන් ගෙන්වූ කේරළ ගංජා ලෙස හඟවා අනුරාධපුරය පුරා අධික මිල ගණන්වලට විකුණන ජාවාරමක් කරගෙන ගිය පොලිස් බුද්ධි අංශ සැරයන්වරයකු ගංජා කිලෝ හතරක් සමග වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය අත්අඩංගුවට ගෙන ඇත.


අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන කොට්ඨාස බුද්ධි අංශයේ සැරයන්වරයකු දිගුකලක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇත්තේ අනුරාධපුර රෝහල ඉදිරිපිට පදික වෙළෙන්දෙකුද සහාය කරගෙනය.


කේරළ ගංජා ලෙසින් ගංජා විකිණීමට ගැනුම්කරුවන් සොයා දී ඇත්තේ පදික වෙළෙන්දාය.


කලක පටන් කරගෙන යන මෙම ජාවාරම ගැන වලාන දූෂණ මර්දන ඒකකයේ බුද්ධි නිලධාරීන්ට සැලවීමෙන් පසු ගනුදෙනුවක් කරන මුවාවෙන් අනුරාධපුරයට ගොස් ඇත.


එහිදී අනුරාධපුර නගරයේ කඩ දොළහා ප්‍රදේශයේ වෙළෙඳ සංකීර්ණයක් පසුපසදී රුපියල් ලක්ෂ එකොළහකට කේරළ ගංජා කිලෝ හතරක් විකිණීමට යන මොහොතේදී පොලිස් බුද්ධි අංශ සැරයන් හා පදික වෙළෙන්දා කොටු කරගෙන ඇත.

මෙම දෙදෙනා තණමල්විල හා මොනරාගල ප්‍රදේශවලින් දේශීය ගංජා රැගෙන විත් කේරළ ගංජා ලෙස සකස් කර අධික මිල ගණන්වලට විකුණා තිබෙන බව පොලිසිය පවසයි.


වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිටගේ මෙහෙයවීමෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික විරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, පොලිස් පරීක්ෂක ජනිත කුමාර, පොලිස් සැරයන් සම්පත් (34950), ජයලාල් (428), පොලිස් කොස්තාපල්වරුන් වන උදය කුමාර (84889), අශාන් (39850), සියන්ත (94009), හේරත් (97340), දේශාන් (102087), උදාර (16227), සිල්වා (10529) යන නිලධාරීන් වැටලීමට එක්වී ඇත.

 

More News..