brand logo
logo
The Eagle's Viewpoint සංචාරකයින් සඳහා විවෘත කරයි

The Eagle's Viewpoint සංචාරකයින් සඳහා විවෘත කරයි

26 January 2025



නුවරඑළිය, ශාන්තිපුර ඊගල්ස් නැරඹුම් ස්ථානය (Eagle's View Point) දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කර තිබේ.


එම නැරඹුම් ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට අඩි 6182 පමණ උසකින් පිහිටි ලංකාවේ උසම ගම්මානය වන ශාන්තිපුර ගම්මානය කේන්ද්‍ර කරගනිමින් ඉදිකර ඇත.


ඊගල්ස් නැරඹුම් ස්ථානය විවෘතකිරීම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිතහේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද (26) සිදුකරන ලදී.


සංචාරක කර්මාන්තයේ දියුණුව තුළින් දේශීය ආර්ථිකයේ යහපැවැත්ම උදෙසා ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයින්ගේ ප්‍රධාන සහ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත්කරලීම මූලික අරමුණු කරගනිමින් 2024 ජූලි මස 31 වන දින ඉදිකිරීම් ආරම්භ කරනු ලැබු මෙම ‘ඊගල්ස් නැරඹුම් ස්ථානයේ ඉදිකිරිම් කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ඉංජිනේරු සහය සැලසුම් කිරිම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ය.


ඒ සදහා මුල්‍ය දායකත්වය සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සපයනු ලැබිය.


අද දින විවෘත කරනු ලැබු 'ඊගල්ස් නැරඹුම් ස්ථානයේ (Eagle’s View Point)’ සිට සංචාරකයින්හට නුවරඑළිය නගරය, පේදුරු තැන්න, පිදුරුතලාගල, හග්ගල, ග්‍රෙගරි වැව කිකිළියාමාන්න කදුපංතිය, ශ්‍රීපාදය, සප්තකන්‍යා කදුවැටිය සමගින් ඌව පළාතේ සොබාදහමේ සුන්දරත්වය නැරඹීමේ හැකියාව පවතී.

 

More News..