roadBlockMobile
brand logo
logo
පොලීසියට පාට් දමා පෙරහර මාර්ගයේ ගිය හමුදා ජීප් රිය (වීඩියෝ)

පොලීසියට පාට් දමා පෙරහර මාර්ගයේ ගිය හමුදා ජීප් රිය (වීඩියෝ)

17 March 2023 | බිමල් ශ්‍යාමන් - බණ්ඩාරගම

Uptade :


හොරණ ඉසිපතනාරාම විහාරස්ථාන වාර්ෂිකව පවත්වන " හොරණ මහ පෙරහැරට " සමගාමීව 

ඊයේ(16) පැවැත්වූ දේවදූත පෙරහර අතරතුර පොලිස් අණ නොතකා ධාවනය කළ ජීප් රථයේ නිලධාරීන් හොරණ පොලිසියට පැමිණ සිද්ධිය සමථයකට පත් කර ගෙන තිබේ.

------------------------------------------------------------

හොරණ ඉසිපතනාරාම විහාරස්ථාන වාර්ෂිකව පවත්වන " හොරණ මහ පෙරහැරට " සමගාමීව පැවැත්වූ දේවදූත පෙරහර ඊයේ (16) රාත්‍රී වීදි සංචාරය කරමින් සිටියදී පොලිස් අණ නොතකා යුද හමුදා ජීප් රථයක් ධාවනය කෙරිණි.


හොරණ ආර්ය විලාස මාර්ගයේ සිට පැමිණි ජීප් රථයට පෙරහර ගමන් ගන්නා බැවින් අඟුරුවාතොට මාර්ගයට යොමු නොකරන ලෙස හොරණ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීයෙකු සංඥා කළ ද එම සංඥා වලට අවනත නොවී ජීප් රථයෙන් බැස ආ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙක් පොලිස් නිලධාරීයාට තර්ජනය කර, තල්ලු කරමින් ජීප්රථය පෙරහැර ගමන් ගන්නා මාර්ගයට ප්‍රවිෂ්ට කෙරිණි.


එහිදී ජීප් රථයේ ඉදිරිපස සිවිල් ඇඳුමින් සැරසී සිටි උසස් නිලධාරීයෙකු යැයි පැවසෙන පුද්ගලයකු සැරයන්වරයාට පරුෂ වචනයෙන් බැණ වැදී ජිප් රථයෙන් යටකර දමන බවට බැන වැදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


පොලිස් නිලධාරියකුගේ සංඥා වලට අවනත නොවී සාපරාධී බලහත්කාරය පෑම සහ අන්තර්දායක ලෙස ජීප් රථය පැදවීම සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරියා සටහන් දමා ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


ඊට අමතරව මේ පිළිබඳ යුධහමුදා පොලීසියට, යුද හමුදා මූලස්ථානයටද එම අවස්ථාවේදීම දැනුම් දීමට පියවර ගෙන ඇත.යුධ හමුදා නිලධාරීන්ගේ මෙම අනුමත නොවන ක්‍රියාව පෙරහැර නැරඹීමට පැමිණි බොහෝ පිරිසකගේ දැඩි දෝෂ දර්ශනයට ලක් කෙරිණි.


පොලිස් නිලධාරියාගේ සංඥා වලට අවනත නොවී හමුදා නිලධාරීන් එලෙස ක්‍රියා කරන අයුරු පෙරහැර නැරඹීමට පැමිණ සිටි පුද්ගලයකු ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබිණි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.



 

More News..