brand logo
logo
කලා ඔයේ වතුර මුහුද මැදින් කල්පිටියට

කලා ඔයේ වතුර මුහුද මැදින් කල්පිටියට

12 April 2023 | අශිකා ජයවීර

කලා ඔයේ ජලය පිරිපහදු කර කිලෝමීටර් හතරක දුරක් මුහුදු පතුලේ එළූ නළ මාර්ගයක් හරහා කල්පිටියට ගෙන ඒමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජල සම්පාදන අමාත්‍යාංශය පවසයි.


එම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.


කල්පිටිය යනු ලංකාවේ බොහෝ එළවළු වර්ග වගා කළ හැකි ප්‍රදේශයක් මෙන්ම ගල් අඟුරු, සුළං සහ සෝලා බලාගාර හරහා රටේ ජාතික විදුලි පද්ධතියට 66%ක විදුලි ධාරිතාවක් දැනටමත් ලබාදෙන ප්‍රදේශයකි.


එමෙන්ම ලංකාවේ ලුණු නිෂ්පාදනය සියට පනහක වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නෙත් කල්පිටිය ප්‍රධාන පුත්තලම දිස්ත්‍රික්කයෙනි.


නමුත් ජල සම්පාදන අමාත්‍යාංශය පවසන්නේ මෙම ප්‍රදේශයේ ජනතාවට ඇති විශාලතම ගැටලුව පිරිසුදු පානීය ජලය නොමැතිකම බවයි.


ඒ හේතුවෙන් පසුගියදා කල්පිටිය මස්ජිත් කුෆා මුස්ලිම් පල්ලි භූමියේ රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් වැය කරමින් නැනෝ තාක්ෂණික ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර තිබේ.


කෙසේ වෙතත් කලා ඔයේ සිට මෙලෙස ජලය පිරිපහදු කර කල්පිටියට ගෙන ඒමේ වැඩපිළිවෙළ ක්ෂණිකව කළ නොහැකි බවත් ඒ සඳහා විශාල පිරිවැයක් මෙන්ම ශ්‍රමයක් දැරීමටද සිදුවන බව අමාත්‍යාංශය පවසයි. නමුත් ඉදිරි වසර කිහිපයේ මෙය සම්පූර්ණ වශයෙන් අවසන් කළ හැකි බවද ඔවුහු කියා සිටියහ.

 

More News..