brand logo
logo
අතුරුගිරියේ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්

අතුරුගිරියේ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්

08 July 2024 | තුෂාර සම්පත් විජේරත්න එෆ්. අස්ලම්



සුරේන් වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකුට මරු කැඳවමින් අතුරුගිරියේදී එල්ල කළ වෙඩි ප්‍රහාරයේ පසුපස සිටින්නේ තමා බව ප්‍රංශයේ සිටින කංජිපානි ඉම්රාන් ඩුබායි පාතාල කල්ලි වෙත අද (08 වැනිදා) තහවුරු කරමින් පණිවිඩ එවා ඇතැයි අනාවරණය විය.


තමා විසින් මෙය කළ බව හැඟවීමට ටී 56 උණ්ඩවල පතුරම් කොපුවේ කේ.පී.අයි. (KPI) ලෙසින් සඳහන් කිරීමට ද කන්ජිපානි ඉම්රාන් කටයුතු කර තිබේ.


කන්ජිපානි ඉම්රාන් ලෙස හැඳින්වීමට මෙම අකුරු තුන කොටා ඇති බවත්, මෙම උණ්ඩවල රත්රන් ගා ජීවම්කර වෙඩි තැබීමට කොන්ත්‍රාත්තුව භාරගත් කල්ලි කටයුතු කර ඇතැයි ඩුබායිවලින් තොරතුරු කියැවෙන බවත් වාර්තා විය. වසන්ත වෙඩි නොවදින සුර පළඳින බව අනුමාන කර උණ්ඩ ජීවම් කරන්නට ඇතැයි සැක පහළවී තිබේ.


කෙසේ වෙතත් ඒ ගැන විමර්ශනවලින් තහවුරු වී නොමැති බව පරීක්ෂණ කණ්ඩායම් සඳහන් කළේය.


මාකඳුරේ මධූෂ් රුපියල් කෝටි දහයක් ක්ලබ් වසන්ත සමග ආයෝජනය කර පසුව මුදල් ඉල්ලා සිටීමේදී මධූෂ්ට නොදීමත්, එයින් පසුව මධූෂ් කන්ජිපානි ඇතුළු පිරිස ඩුබායි පොලිසියට කොටුකරදීමට අන්නාසි මොරිල් සමග කටයුතු කළ බවත් කියන සිද්ධීන්වලට පළිගැනීමට මෙම ඝාතනය කර ඇති බවත් විමර්ශන කණ්ඩායම් වෙත තොරතුරු ලැබී ඇත.

 

More News..