පොලී අනුපාතික ගැන මහ බැංකුවෙන් නියෝගයක්
26 August 2023
පොලී අනුපාතික ගැන මහ බැංකුවෙන් නියෝගයක්
26 August 2023
රුපියල මත පදනම් වූ ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාතිකය සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා රුපියල මත පදනම් වූ ණය සඳහා පොලී අනුපාතිකය වෙනස් වී ඇත.
සියළුම වාණිජ බැංකු මේ අනුව ණය සේවා කිහිපයක පොලී අනුපාතික පහත දැක්වෙන අවම අනුපාතික දක්වා හෝ පහළ දැමිය යුතු බව මහ බැංකුව නිකුත් කළ නියෝගයේ සඳහන් වේ.
01. උකස් මත ලබ දෙන ණය සඳහා 18% වාර්ෂික පොලී අනුපාතිකය දක්වා පහළ දැමිය යුතුය.
02. බැංකු අයිරා (OD) සඳහා අයකරන වාර්ෂික ණය පොලී අනුපාතිකය 23%ක් දක්වා පහළ දැමිය යුතුය.
03. ණයපත් (Credit Card) හරහා මුදල් අත්තිකාරම් ලබා ගැනීමේදී අයකරන වාර්ෂික පොලී අනුපාතිකය 28%ක් දක්වා පහළ දැමිය යුතුය.