කුරුවිට ලක්ෂ පහේ කොල්ලයේ සැකකරුවන් තිදෙනෙක් රිමාන්ඩ්
15 February 2025
කුරුවිට ලක්ෂ පහේ කොල්ලයේ සැකකරුවන් තිදෙනෙක් රිමාන්ඩ්
15 February 2025
මීට මාස දහහතරකට පෙරදී මැණික් ගලක් අලෙවි කිරිමට බව පවසා කුරුවිට ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුලුවී ගිනි අවි පෙන්වා නිවැසියන්ට පහර දී තුවාල සිදුකර, බියවද්දා රුපියල් ලක්ෂ විසිපහක මුදලක් කොල්ල කෑ අපරාධයේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් මේ මස 27දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් දුලානි සන්ධ්‍යා මහත්මිය අද (15) නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත්කෙරුණේ ඇහැලියගොඩ මාහර පංසල පාර ලිපිනයැති කේ.එල්. සමන්ත චන්ද්රසිරි, කුරුවිට, එක්නැළිගොඩ ලිපිනයැති එන්. රත්නසේන සහ බොරලැස්ගමුව,බෙල්ලන්විල, විහාරමාවත ලිපිනයැති,ඩබ්.ඩබ්. සිසිල් කරුණාරත්න යන අයයි.
අපරාධකරුවන් වෑන් රථයකින් 2023-11-22 දින අලුයම 05.00 පමණ පැමිණ මෙම අපරාධය සිදුකර තිබුණි. මාස දාහතරකට පමණ පසු මෙම සැකකරුවන් පසුගිය 12දින අත්ඩංගුවට ගෙන තිබුණි.
කුරුවිට පොලීසියෙ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එක් සැකකරුවෙක් අවිස්සාවේල්ල ප්රදේශයේදී පසුගිය 12දා මුලින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු සම්බන්ධයෙන් පැය 48ක රැදවුම් නියෝග ලබාගෙන ප්රශ්න කිරීමේ දී මෙම අපරාධයට හවුල් බවට තවත් සැකකරුවන් දෙදෙනෙක් මහරගම සහ කුරුවිට දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කුරුවිට දී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලියට නවාතැන් දුන් තැනැත්තා බව පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.
ඇහැළියගොඩ, පඩුවස්නුවර සහ කුරුවිට ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවු සංවිධානාත්මක අපරාධ ගණනාවකට මෙම සැකකරුවන් සම්බන්ධ බවට සැකකරන බව පොලිසිය අධිකරණයට කරැණු දක්වමින් පැවසීය.