කාන්තාවක් යතුරු පැදියකින් යටකර පලාගිය සැරයන්ගේ වැඩතහනම් කෙරේ
06 November 2024
කාන්තාවක් යතුරු පැදියකින් යටකර පලාගිය සැරයන්ගේ වැඩතහනම් කෙරේ
06 November 2024
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක් කර තිබේ.
මෙසේ වැඩ තහනමකට ලක්කර ඇත්තේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවරණ රාජකාරි සඳහා යාකර සිටී තෙබුවන පොලිසියට තාවකාලිකව සිටී සැරයන්වරයෙක් බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පැවසීය.
එකී වැඩ තහනම අද (06) දින සිට ක්‍රියාත්මක වන පරිදි නියෝගය පලකර ඇත.
අදාළ සැරයන්වරයා පසුගිය ඔක්තෝබර් 22 දින රාත්‍රි 7.30 ට පමණ නාර්තුපාන ප්‍රදේශයේ දී බීමත්ව සිය යතුරු පැදියෙන් යමින් සිටිය දී දෙදරු මවක යටකට පලාගොස් ඇති බවට තහවුරු වීමෙන් පසු මෙසේ වැඩ තහනමට ලක්කර තිබෙන බව පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි.
එම සැරයන්වරයා බීමත්ව රිය පැදවීම, අනතුරක් සිදුකර පලායාම සහ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම යටතේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇති බව පොලිසිය පවසයි.