එළවළු මිල පහළට
24 July 2023 | සුනිල් රූපසිංහ-පල්ලේපොළ
එළවළු මිල පහළට
24 July 2023 | සුනිල් රූපසිංහ-පල්ලේපොළ
කැරට් හැර සෙසු සියලුම එළවළුවල තොග මිල 30%කින් පමණ පහළ ගිය බව දඹුල්ල තොග වෙළෙන්දෝ ඊයේ ( 23දා) අරුණ කළ විමසීමේදී පැවැසූහ.
ඊයේ එළවළු කිලෝ ලක්ෂ 06ක් පමණ තොග වෙළෙඳපොළට ලැබී තිබූ අතර පෙර සතියට සාපේක්ෂව තොග ලැබීමද පහළ ගොස් තිබේ.
දඹුල්ල තොග වෙළෙඳපොලේ එළවළු තොග ප්‍රවාහනය පහළ ගිය බවත් මැනිං, වේයන්ගොඩ ,වැලිසර, මීගොඩ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන කීපයක් සඳහා තොග ගැනුම්කරුවන් පැමිණි බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ අනුශාසක ශාන්ත ඒකනායක කළ විමසීමේදී පැවැසීය.
සිල්ලර වෙළෙඳපොළේ සුළු හා මධ්‍යම පරිමාණ ජංගම වෙළෙඳුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයේ පැවැති බවත් ප්‍රධාන මාර්ග දෙපස උප නගර ආශ්‍රිතව පවත්වාගෙන ගිය එළවළු වෙළෙඳසල් හිමියන් වෙළෙඳාමෙන් ඉවත්වී සිටින බවත් තොග වෙළෙන්දෝ පැවැසූහ.
කැරට් කිලෝවක තොග මිළ රුපියල් 400ත් 430ත් අතර මිලක පැවැතිණි.
බෝංච් කිලෝවක් 300ත් 350ත් මාළු මිරිස් 280ත් 300ත් අමු මිරිස් කිලෝවක් 400ත් 450ත් ලීක්ස් 130ත් 140 වට්ටක්කා කිලෝවක් 70ත් 100ත් දක්වා තොග මිලක් දක්වා අලෙවි කෙරිණි.
සෙසු එළවළු තොග මිල 30%න් පමණ පහළ ගිය බවත් කැකිරි සහ පිපිඤ්ඤා තොග මිල 100%කින් පමණ පහළ ගිය බවද තොග වෙළෙන්දෝ පැවැසූහ.