brand logo
නිලධාරි හිඟයෙන් විගණන කාර්යාලයේ  විමර්ශනවලට බලපෑම්

නිලධාරි හිඟයෙන් විගණන කාර්යාලයේ විමර්ශනවලට බලපෑම්

27 April 2024



නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.


විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් විගණන වාර්තා නිකුත් කිරීමද පමාවී ඇතැයි එහි නිලධාරීහු පෙන්වා දෙති.


නිලධාරී හිඟය හේතුවෙන් විෂය පථයන් සීමා කර වැඩ කිරීමට සිදුව ඇතැයිද එම නිලධාරීහු සඳහන් කරති.


මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී  වික්‍රමරත්නගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විගණන නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් විගණන කටයුතුවලට බාධා මතුව ඇති බවයි.


විගණන අධිකාරීවරුන් 165 දෙනකු සහ විගණන නිලධාරින් 465 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ වික්‍රමරත්න විගණන නිලධාරී පුරප්පාඩු සඳහා අයදුම්පත් හයසීයක් පමණ ලැබී ඇතැයිද ප්‍රකාශ කළේය.

 

More News..