roadBlockMobile
brand logo
logo
ලං.වි.ම. ලිස්සා යාමෙන් ජනතාවට විදුලි සර

ලං.වි.ම. ලිස්සා යාමෙන් ජනතාවට විදුලි සර

18 October 2024 | අශිකා ජයවීර

ඔක්තෝබර් 01 වැනිදා සිදුවිය යුතු විදුලි ගාස්තු සංශෝධනය ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව සමගි ඛනිජ තෙල් වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගය පවසයි.


එහි කැඳවුම්කරු ආනන්ද පාලිත පෙන්වා දෙන්නේ විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට සංශෝධනය විය යුතු විදුලි බිල පිළිබඳ දත්තයන් තවමත් යවා නොමැති බවය.


ඔහු එසේ පැවැසූවේ කොළඹ දී පෙරේදා (16 වැනිදා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසුවේය


" මේ මොහොතේ විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය බිලියන 155 ඉක්මවනවා. නමුත් මණ්ඩලයෙන් තවත් ගසා කන්න ඉඩ අරින්නේ ඇයි කියල අපි අහනවා නව ජනාධිපතිවරයාගෙන්. ඔහු ජනතාවාදීනම් විදුලිබල මණ්ඩලයට නියෝග දෙන්න තිබුණා. ඇයි තවත් බලන් ඉන්නේ කියල අපි අහනවා. වහාම මේකට ක්‍රියාමාර් ග ගන්න ජනාධිපතිවරයා කටයුතු කරන්නට ඕනේ. විදුලි බිල සංශෝධනයෙදී අවමය සියයට 45කින් අඩුකරන්න පුළුවන්. අපි කියන්නේ ජනතාවට ඒ වාසිය දෙන්න කියලා. ''

 

More News..