දේශබන්දුට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර
22 March 2025
දේශබන්දුට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර
22 March 2025
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණ නියෝග මත විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහු දැනට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරියක රඳවා සිටින බවය.
මාතර, වැලිගම ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙක්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙබරවාරි 28වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයා ඇතුළු 8දෙනෙක්ට වරෙන්තු නිකුත් කර තිබුණි.
ඒ අනුව පෙරේදා අධිකරණයට ඉදිරිපත් කළ දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.