roadBlockMobile
brand logo
logo
දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

17 March 2023

පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.


කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.


එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

 

More News..