කීරි සම්බා මිල ඉහළ ගිහින්
06 May 2023 | චමින්ද සේනාරත්න
කීරි සම්බා මිල ඉහළ ගිහින්
06 May 2023 | චමින්ද සේනාරත්න
මෝල් හිමියන් රජයේ පාලන මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කිරීම නිසා එම හාල් කිලෝවක සිල්ලර මිල රුපියල් තිහකින් පමණ ඉහළ ගොස් ඇත.
මෙවර මහ කන්නයේ රජය මගින් කීරි සම්බා වී මිලදී නොගැනීමත්, පාලන මිලක් නොපැවැත්වීමත් සමග මෝල් හිමියන් වී කිලෝ හැට හතරේ (64) මිටියක් රුපියල් 7000-8000 අතර මිලකට ගොවීන්ගෙන් මිලදී ගත්හ.
එසේ මිලදී ගත් වී සහල් කර රජයේ අනුමත පාලන මිල වන කීරි සම්බා සහල් කිලෝග්රෑමයක් රුපියල් දෙසිය හැට (260) ඉක්මවා සහල් මෝල් හිමියන් විසින් කිලෝග්රෑමයක තොග රුපියල් දෙසිය හැත්තෑ පහ ඉක්මවා (275) අලෙවි කරන බව වාර්තා වේ.
එසේ මිලදී ගන්නා තොග සිල්ලරට අලෙවි කිරීමේදී රුපියල් දෙසිය අසූවට (280) අලෙවි කරන බව පාරිභෝගිකයන් පවසයි. කෙසේ වෙතත් වෙළෙඳුන් පවසන්නේ නාඩු සහල් මෝල්වලින් ලබා ගන්නේ නම් එම තොගයෙන් තුනෙන් එකක ප්රමාණයකට කීරි සම්බා සහල් තොග ලබා ගැනීම අනිවාර්ය බවයි.
නාඩු සහල්ද කුඩා මෝල්වලින් කිලෝග්රෑමයක් රුපියල් 180ක මිලකට ලබා දෙන අතර මහා පරිමාණ මෝල් හිමියන් එම තොග රුපියල් 210ක මිලකට අලෙවි කරන බවයි. කෙසේ වෙතත් සහල් සඳහා පනවා තිබූ සමාජ ආරක්ෂණ බද්ධ වන සියයට 2.5ක ප්රමාණය මෝල් හිමියන්ගේ ඉල්ලීම පරිදි ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ඉවත් කළ අතර එහිදී කිලෝග්රෑමයකින් රජයට අහිමිවන රුපියල් හතකට ආසන්න බද්ධ ගොවියාට ලබා දෙන බව පැවසුවද එය කඩ කරමින් රජයේ පාලන මිලටත් රුපියල් අටක් අඩුවෙන් වේළන ලද වී කිලෝග්රෑමයක් මිලදී ගැනීමට ඔවුන් කටයුතු කළේ කුණු කොල්ලයට වී මිලදී ගනිමිනි.