අභාවප්‍රාප්ත සමන් ද සිල්වාගේ අවසන් කටයුතු අඟහරුවාදා
27 April 2025
අභාවප්‍රාප්ත සමන් ද සිල්වාගේ අවසන් කටයුතු අඟහරුවාදා
27 April 2025
අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාවතාවත්ත සුසාන භූමියේදී එළැඹෙන අඟහරුවාදා සිදුකිරීමට නියමිතය.
වේගරිද්ම ගීත ඇතුළු ගීත රැසකින් මෙරට ශ්‍රාවකයා මෙන්ම ප්‍රෙක්ෂකයාද පිනවූ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අද (27) අලුයම සිය ජීවන ගමනට සමුදුන්නේය.
ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට 68 වැනි වියෙහි පසුවුණි.
නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණ නිල්ල දිගේ වැනි ගීත ඔස්සේ ප්‍රේක්ෂක ජනාදරයට පත් සමන් ද සිල්වා මහතා ගායන ක්ෂේත්‍රයට පිවිසියේ 1975 වසරේදිය.
ඔහුගේ වේග රිද්ම කලාව නිසා ඔහු කලක් මෙරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් බවට පත්ව තිබුණි.
බදුල්ල පස්සර ප්‍රෙද්ශයේ උපත ලැබූ ඒ මහතා පානදුර සුමංගල විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හදාරා තිබේ.
ඔහු 'දෙරණ සරිගම සාජ්ජේ හා මා නොවන මම වැඩසටහනටද කලකට පෙර සහභාගි වුණි.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා ඊයේ (26) රාත්‍රියේ ඇතිවූ හදිසි රෝගි තත්වයක් හේතුවෙන් වේරහැර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කර තිබේ.