brand logo
logo
මාස තුනට ඒඩ්ස් රෝගීන් 15ක් මරුට

මාස තුනට ඒඩ්ස් රෝගීන් 15ක් මරුට

15 November 2023 | අනීෂා මානගේ

මෙම වසරේ ජූලි සිට සැප්තැම්බර් දක්වා වන තුන්වැනි කාර්තුවේදී ඒඩ්ස් රෝගීන් පහළොස්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එච්.අයි.වී ආසාදිතයන් 139 දෙනකු හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්ත වාර්තා පෙන්වා දෙයි.


ඉකුත් වසරේ පළමු කාර්තුවේදී එච්.අයි.වී ඒඩ්ස් රෝගීන් 152ක් ද දෙවැනි කාර්තුවේදී රෝගීන් 130ක් ද තුන්වැනි කාර්තුවේදී රෝගීන් 145ක් ද හඳුනාගෙන තිබිණි.


2023 වර්ෂයේ පළමු කාර්තුවේදී රෝගීන් 165ක් සහ දෙවැනි කාර්තුවේදී රෝගීන් 181ක් සහ තුන්වැනි කාර්තුවේදී රෝගීන් 139ක් ද හඳුනාගෙන ඇත.


මෙලෙස හඳුනාගත් රෝගීන් 485 දෙනකු අතර වයස අවුරුදු 15ත් 24ත් අතර පසුවන තරුණයන් 72 ක්ද තරුණියන් හත් දෙනක්ද සිටිති.


එහෙත් පසුගිය වර්ෂයේ මුල් කාර්තු තුනෙහි හමුව ඇත්තේ තරුණයන් 45ක් සහ තරුණියන් සිව්දෙනකු පමණි.


එමෙන්ම ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්ත වාර්තාවලට අනුව මේ වන විට ඒඩ්ස් රෝගීන් පන්දහස් හාරසිය අනූහය දෙනකු හඳුනාගෙන ඇත. ඉන් එක්දහස් තුන්සිය අනූ එක්දෙනකුම කාන්තාවන් වේ.

 

More News..