brand logo
logo
E-8 වීසා ගැටලුව විසඳන්න ඇමති විජිත මැදිහත් වෙයි

E-8 වීසා ගැටලුව විසඳන්න ඇමති විජිත මැදිහත් වෙයි

20 November 2024

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් තීරණය කොට ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


 අද (20) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශයට පැමිණි අමාත්‍යවරයා, කාර්යාංශයේ ඉහළ නිලධාරීන් හා අදාළ ශ්‍රමිකයින් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.


යම් යම් පාර්ශව මැදිහත් වී දකුණු කොරියාවේ ඍතුමය රැකියා සඳහා වන E8 වීසා යටතේ අනුමත ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් එම රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් අපහසුතාවයට පත්වීම පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමුවී තිබෙන බවද කාර්යාංශය කියයි.


මෙම සාකච්ඡාවට කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ‚ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී සේනානායක මහත්වරු ඇතුළු නිලධාරීහු ද සහභාගී වූහ.

 

More News..