තුවක්කු ලයිසන් දෙන්නේ අවි පුහුණුවකින් පස්සේ
07 November 2024 | සාලිය කුමාර ගුණසේකර/ එෆ්. අස්ලම්
තුවක්කු ලයිසන් දෙන්නේ අවි පුහුණුවකින් පස්සේ
07 November 2024 | සාලිය කුමාර ගුණසේකර/ එෆ්. අස්ලම්
බලපත්‍ර සහිත ගිනි අවි නිකුත් කිරීම පූර්ණ අධ්‍යයනයකින් හා විමර්ශනයකින් පසුව සිදුකරන බව මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් පැවසීය. ආරක්ෂක අමාත්‍යාංශයේ දැනුම් දීම මත අද (07 වැනිදා) වනවිට සියලුම බලපත්‍ර සහිත ගිනි අවි බාර දිය යුතු බවත් මේ සියල්ල බාරගැනීමෙන් පසු ආරක්ෂක අමාත්‍යංශයෙන් වාර්තාවක් ලබාගන්නා බවත් ඇමැතිවරයා කීවේය.
පසුගිය කාලයේදී ලබාදී ඇති එම ගිනි අවි වැරදි අන්දමින් පරිහරණය කර ඇති බවත් ඇතැම් ගිනි අවි පාතාලයට ද ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් ඇමැතිවරයා කීවේය.
එසේම පසුගියදා වෙඩි තබාගනිමින් සියදිවි නසාගත් හිටපු රාජ්‍ය ඇමැතිවරයාගේ ලේකම්වරයා ද බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි තබාගෙන ඇති බවත් එම ගිනි අවිය බලපත්‍ර සහිතව ලබාදී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදී බවත් කී ඇමැතිවරයා එවන් අන්දමින් ගිනි අවි ලබාදී ඇති ආකාරය ගැන පුළුල් විමර්ශනය කෙරෙන බවද හෙතෙම කීවේය.මෙලෙස බලපත්‍ර සහිත ගිනි අවි ලබාදීමේදී අවි පුහුණුවක් ලබා නොදීම සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇමැතිවරයා කියා සිටියේ බලපත්‍ර කොන්දේසිවලට අනුව අවි පුහුණුවද ලබාදීමක් සිදුවන බව කියා සිටියේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් කළ විමසීමේදී කියා සිටියේ මෙපමණ කාලයක් බලපත්‍ර සහිත ගිනි අවි ලබාදුන්නේ අවි පුහුණුවකින් තොරව බවය.මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශයට බාරදී ඇති ගිනි අවි අතරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ගිනි අවි හතක් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ගිනි අවි නවයක් ද බාර දී තිබෙන බව මාධ්‍ය හමුවේදී අනාවරණය විණි.