roadBlockMobile
brand logo
logo
සර්වජන බලයේ නියෝජිතයින් පාර්ලිමේන්තුවට දෙන්න යන ආදර්ශය

සර්වජන බලයේ නියෝජිතයින් පාර්ලිමේන්තුවට දෙන්න යන ආදර්ශය

06 November 2024

පාර්ලිමේන්තු වැටුප හෝ වරප්‍රසාද නොලබා ජනතාවට සේවය කිරීමට තමා ඇතුළු සර්වජන බලයේ නියෝජිතයන් සූදානම් බව එහි නායක ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර පවසයි.


ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් සර්වජන බලය පවත්වන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් අද (06) පස්වරුවේ පෑලියගොඩ දරමඩුවත්ත ප්‍රදේශයේදී පැවැත් වුණේ එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙනි.


එම ජනහමුව අමතමින් ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කළේ,


"මෙවර පාර්ලිමේන්තුවට යන අපි සියලුදෙනාම පාර්ලිමේන්තුවේ වැටුපවත් වෙනත් වරප්‍රසාදවත් ගන්නේ නැහැ.. ආපන ශාලාවෙන් කෑමවත් ගන්නේ නැහැ. ඒ කිසිදෙයක් අපිට අවශ්‍ය නැහැ. අපි වැඩ කරනවා ඔබ වෙනුවෙන්... කිසිම වරප්‍රසාදයකින් තොරව. මෙවර පාර්ලිමේන්තුවේ වෙනස ඒකයි. අපි යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට...අන්න ඒ ක්‍රමය වෙනස් කරලා අලුත් විදියට හදන්න."


"මේ දේශපාලනය වෙනස් වෙන්න ඕනේ නම් අපි වගේ ව්‍යවසායකයෝ... මහන්සිවෙලා මුදල් උපයපු අය පාර්ලිමේන්තුවට යවන්න ඕනේ.. වෙනත් රටවල වගේ. එතකොට ඒ මිනිස්සුන්ට පුළුවන් ජනතාව වෙනුවෙන් සේවය කරන්න. නැත්නම් ගිය වෙලාවේ ඉඳලා බලන්නේ කීයක් හරි හොරකම් කරන්න. ආණ්ඩුවට විසඳුම් දෙන්න බැරි නම් අපි විසඳුම් යෝජනා කරන්නම්. පදක්කමට ගහන්න කතිරය. ඔබේ ජීවිතය වෙනස් වෙයි."

 

More News..