roadBlockMobile
brand logo
logo
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හලාවතදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හලාවතදී

17 March 2023 | ජූඩ් සමන්ත-පුත්තලම

රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 04 වැනිදා හලාවත - කබැල්ලෑවල පිහිටි ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.


ඒ අනුව මැයි මස 02 වැනිදා සිට 08 වැනිදා දක්වා වන කාලය වෙසක් සතිය ලෙසද ප්‍රකාශයට පත් කර ඇත.


‘තමා තමාටම පහනක් වන්න’ යන්න මෙවර වෙසක් දින තේමාව වී ඇත.


රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (16 වැනිදා) පෙරවරුවේ හලාවත - කබැල්ලෑවල පිහිටි ශ්‍රී රතනසාර පිරිවෙන් විහාරස්ථානයේදී පවත්වන ලදී.

 

More News..