brand logo
logo
අලුත්ම අලුත් ''නර්ස්'' නෝනලා 2,519කට අවස්ථාව

අලුත්ම අලුත් ''නර්ස්'' නෝනලා 2,519කට අවස්ථාව

17 November 2023



නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය අද (17) සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.


2018 වසරේ බඳවාගත් සිසු හෙද කණ්ඩායම යටතේ 2020 වසරේ ජනවාරි මාසයේ පුහුණුවීම් ආරම්භ කර සාර්ථකව පාඨමාලා සම්පූර්ණ කරන ලද සිසු හෙද හෙදියන් මෙහිදී පත්වීම් ලැබීමට නියමිතය.


මේ වනවිට දිවයින පුරා හෙද සේවයේ 42,000ක සංඛ්‍යාවක් සේවය කරන අතර මෙම බඳවා ගැනීමත් සමඟ මෙරට හෙද – හෙදියන්ගේ සංඛ්‍යාව 45,000 ඉක්මවා යනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ


 

More News..