roadBlockMobile
brand logo
logo
නේවාසික රෝගීන්ට ඊයේ රෝහලෙන් කන්න දීලත් නෑ

නේවාසික රෝගීන්ට ඊයේ රෝහලෙන් කන්න දීලත් නෑ

16 March 2023 | වරුණි පෙරමුණ/ සිරිසේන ගමගේ - කොළොන්නාව

දීප ව්‍යාප්තව රෝහල් තුළ ක්‍රියාත්මක වූ වැඩවර්ජනය හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහල, නැගෙනහිර කොළඹ මූලික රෝහල ඇතුළු රෝහල් කිහිපයක නේවාසික රෝගීන් සඳහා ඊයේ (15) රෝහලෙන් ලබාදෙන ආහාර වේල අහිමි වී තිබේ.


මේ හේතුවෙන් නේවාසික රෝගීන් දැඩි අසීරුතාවට පත් වූ බව රෝහල් බලධාරින් ප්‍රකාශ කළේය.


නැගෙනහිර කොළඹ මූලික රෝහලේ නේවාසිකව රෝගීන් දෙසියඅසූනව දෙනකු පමණ ප්‍රතිකාර ලබන අතර ඉන් රෝගීන් එකසිය පනස්දෙනකු පමණ රෝහලෙන් ලබාදෙන ආහාර ලබාගනියි.


ඊයෙ වර්ජනය හේතුවෙන් මෙම රෝගීන්ට රෝහලේ අරක්කැමිවරුන් සහ මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලය ආහාර සපයා නොතිබිණි.


මේ හේතුවෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න සහ බලධාරින් නේවාසික රෝගීන්ට පිටතින් ආහාර ගෙන්වා ලබාදී ඇත.


එසේම දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නේවාසික රෝගීන්ට ද මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලය විසින් ඊයේ ආහාර සපයා නොතිබූ අතර ඔවුන්ටද පිටතින් අහාර ගෙන්වීමට සිදු වූ බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සාගරි කිරිවන්දෙණිය ප්‍රකාශ කළාය.


මෙම රෝහලේ නේවාසිකව රෝගීන් දහසක් පමණ ප්‍රතිකාර ගනු ලබයි.

 

More News..