එළවළු මිල 100%කින් ඉහළට
06 June 2023 | සාලිය කුමාර ගුණසේකර
එළවළු මිල 100%කින් ඉහළට
06 June 2023 | සාලිය කුමාර ගුණසේකර
නිරිත දිග මෝසම ක්‍රමයෙන් ආරම්භ වෙත්ම උඩරට එළවළු මිල ගණන් ද 100%කින් ඉහළ ගොස් ඇතැයි එළවළු වෙළෙන්දෝ කියා සිටිති.
සෑම එළවළු වර්ගයකම පාහේ කිලෝවක සිල්ලර මිල රුපියල් 300ත් 700ත් අතර වේ.
දැනට මාසයකට පමණ ඉහතදී එළවළු මිලෙහි යම් අඩුවීමක් පැවැතියද සති දෙකක පමණ සිට එළවළු මිල යළි වැඩි වී තිබේ.
එළවළු තොග වෙළෙඳපොළට ලැබීම අඩුවීම නිසා මෙලෙස එළවළු මිල ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු පවසති.
දැනට මාසයකට පමණ ඉහතදී අමු මිරිස් කිලෝවක් රුපියල් 100ත් 150ත් අතර මිලක් දක්වා අඩුවී පැවැතියද, මේ වන විට අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 600ත් 700ත් අතර මිලක් දක්වා වැඩිවී තිබේ.