දුම්වැටි අලෙවිය පහත වැටීම නිසා බදු අදායම පහළට
14 December 2024
දුම්වැටි අලෙවිය පහත වැටීම නිසා බදු අදායම පහළට
14 December 2024
දුම්වැටි අලෙවිය පහත වැටීම හේතුවෙන් මෙම වසරේ මුල් මාස අට තුළ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම 10.8%කින් පහළ ගොස් තිබේ.
ඒ අනුව එම ආදායම රුපියල් බිලියන 71.6ක් බවයි වාර්තා වන්නේ.
සියලුම දුම්වැටිවලට අදාළ නිෂ්පාදන බද්ද මෙම වර්ෂයේ ජනවාරි මස 1වනදා සිට බලපැවැත්වෙන පරිදි 14%කින් ඉහළ දැමුවා.
ඒ අනුව දුම්වැටිවල අලෙවිය මිලියන 1,228 දක්වා 21.8%කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පසුගිය වසරේ මුල් මාස අට තුළ දුම්වැටි මත පනවනු ලැබූ නිෂ්පාදන බද්දෙන් රුපියල් බිලියන 80.3ක ආදායමක් ලබා තිබේ.