එළවළු රැසක තොග මිල පහළට
23 May 2023 | සාලිය කුමාර ගුණසේකර / ආර්. එෆ්. එම්. සුහෙල් - නුවරඑළිය
එළවළු රැසක තොග මිල පහළට
23 May 2023 | සාලිය කුමාර ගුණසේකර / ආර්. එෆ්. එම්. සුහෙල් - නුවරඑළිය
ඉකුත් සතියට සාපේක්ෂව මේ සතියේදී එළවළු වර්ග රැසක තොග මිල අඩුවී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි. කෙසේ නමුත් වම්බටු, කැරට්, නෝකෝල් සහ තක්කාලි මිල ගණන් ඉකුත් සතියට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.
එළවළු තොග මිල යම් අඩුවීමක් සිදු වූවද සිල්ලර මිල ගණන්වල එතරම් වෙනසක් සිදුවී නැතැයි පාරිභෝගිකයෝ පවසති. වර්ෂාව අඩු වීමත් සමග වෙළෙඳපොළට යළි එළවළු අස්වනු ලැබීම නිසා එළවළු මිලෙහි යම් අඩුවීමක් සිදුවී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු කියා සිටිති.
උඩරට එළවළු මිල ක්‍රමයෙන් ඉහළ යන්නේ මිල පාලනයකින් තොරව සෑම එළවළු බීජ වර්ගයක්ම රට වටේ බෙදා හරින නිසා බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ හා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙරටට ගෙන්වන එළවළු බීජ වර්ග අදාළ දේශගුණික කලාපයන් හට වෙන් කොට පළාතෙන් පළාතට ආවේණික අන්දමින් බෙදා හැරීමට කටයුතු කළ යුතු බව ඔහු කියා සිටියි.