roadBlockMobile
brand logo
logo
මැරෙන්න හිතුනොත් කතා කරන්න අංකයක්

මැරෙන්න හිතුනොත් කතා කරන්න අංකයක්

17 March 2023 | අනීෂා මානගේ

සෑම පැය හතරකටම එක් අයකු බැගින් මෙරටදී සියදිවි හානිකර ගන්නා බව සියදිවි හානිකර ගැනීමේ පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී අනාවරණය විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධාන කර තිබූ මෙම වැඩමුළුව ඊයේ (16) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්විණි.


මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය දියනාත් සමරසිංහ, මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රොහාන් රත්නායක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක ඇතුළු නිලධාරිහු පිරිසක් මෙයට එක්වූහ.


සියදිවි හානිකර ගැනීම සම්බන්ධ පුවත් වාර්තාකරණයේදී සැලකිලිමත් විය යුතු කරණු සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් දැනුවත් කෙරිණි.


පසුගිය වර්ෂයේදී පුද්ගලයන් තුන්දහස් හාරසිය හය දෙනකු සියදිවි හානි කරගෙන ඇති අතර ඉන් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයිද මෙහිදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් ආරම්භ කරනවා නම් සියදිවි හානිකර ගැනීම් අඩුකරගත හැකි බවද මානසික පීඩාවකින් පෙළෙන්නවුන් උත්තේජනය නොවන අයුරින් කටයුතු කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.


කිසියම් හෝ මානසික පීඩාවකින් පෙළෙන අයකු සිටී නම් 1926 කෙටි දුරකතන අංකය ඇමතීමෙන් හෝ 075 5551926 වට්ස්ඇප් අංකය ඇමතීමෙන් නොමිලයේ උපදෙස් ලබාගත හැකිය.

 

More News..