brand logo
logo
වායු දූෂණයෙන් ලක්ෂ 2ක් රෝහලට

වායු දූෂණයෙන් ලක්ෂ 2ක් රෝහලට

13 March 2023 | රුක්ෂාන් බණ්ඩාර

වායු දූෂණය හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතා මත තායිලන්තයේ බැංකොක් අගනුවර වැසියන් ලක්ෂ දෙකක් පමණ පසුගිය සතියේදී පමණක් රෝහල්ගත කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 


මිලියන 11ක ජනතාවක් වෙසෙන බැංකොක් අගනුවර මේ වනවිට හානිකර මීදුමකින් වැසී පවතින බවද එම මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ. 


කාර්මික කලාපවලින් නිකුත් කරන දුම්, වාහනවලින් නිකුත් කරන දුම් සහ කෘෂිකාර්මික ගිනි තැබීම් හේතුවෙන් නිකුත් වන දුම් මෙම විෂ දුමාරයට හේතු වී තිබේ. දුර්ගන්ධයක් පිටකරන, කහ - අළු මිශ්‍ර පැහැයකින් යුතු මෙම දුම දින ගණනාවක් පුරා බැංකොක් අහස වසාගෙන සිටී.


තායිලන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලට අනුව 2023 වසරේ මේ දක්වා මෙම දුම හේතුවෙන් රටපුරා ලක්ෂ 13කට වඩා රෝගාතුර වී ඇත. 


බැංකොක් නුවර වෙසෙන ගර්භණී කාන්තාවන් සහ ළමයින්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා ඇත්තේ හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙසය. නිවෙස්වලින් පිටතට යන සියලුදෙනා ප්‍රමිතියකින් යුතු මුහුණු ආවරණ පලඳින ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා ඇත. වායු දූෂණ තත්ත්වය යහපත් අතට හැරෙන තෙක් නිවසේ සිට වැඩකළ හැකි ක්‍රමවේදයක් සැකසීම කෙරෙහිද තායිලන්ත බලධාරීන්ගේ අවදානය යොමුව තිබේ.

 

More News..