brand logo
logo
යෝධ ඇළේ සොරොව්ව හොරු කඩයි

යෝධ ඇළේ සොරොව්ව හොරු කඩයි

20 June 2023

ශ්‍රාවස්තිපුර යෝධ ඇළේසොරොව් හයක් කඩා එහි තිබූ තඹ සහ යකඩ සොරා ගෙන තිබෙන බව නාච්චාදූව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.


මත්ද්‍රව්‍ය ලෝලීන් විසින් මෙම සොරකම සිදුකර ඇති බව වැඩි දුරටත් එම කාර්යාලයේ නිලධාරීන් අනාවරණය කරයි .සොරොවු කැඩීම පිළිබඳව ඉංජිනේරුවරයෙකු විසින් අනුරාධපුර පොලිසිය දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ.


මෙම සොරකමෙන් සිදුවූ අලාභය ලක්ෂ හයකට අධික වන බවද එම කාර්යාලයේ නිලධාරීන් පවසයි.

 

More News..