roadBlockMobile
brand logo
logo
ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්

ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්

17 October 2024

ශ්‍රී ලංකාව හා බ.ඉ. කොදෙව් කණ්ඩායම් අතර දඹුල්ලේ පැවැත්වෙන අවසන් විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 163ක ඉලක්කයක් හිමිවිය.


ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත් විය.

එහි ප්‍රතිඵලයක් ලෙස කොදෙව් ඉනිමේ කඩුලු 5ක් ලකුණු 62ක් තුළ දවාගැනීමට හැකිවිය.


කෙසේ නමුත් 6වැනි කඩුල්ලට එක් වූ නායක රොව්මන් පවෙල් හා ගුඩකේෂ් මොටී ලකුණු 54ක ප්‍රහාරත්මක සබඳතාවක් ගොඩනැගුවේය. 


ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා මුහුණදුන්නේ පන්දු 26කට පමණි.


මුලු ලකුණු 116දී එම සබඳතාව බිඳදැමීමට වනිඳු හසරංගට හැකිවිය. 


පන්දු 15කින් ලකුණු 32ක් රැස්කරගෙන සිටි ගුඩකේෂ් මොටී ස්ටම්ප් කිරීමකට හසුකරගත්තේය.


කොදෙව් ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කළ රොව්මන් පවෙල් පන්දු 27කට මුහුණදෙමින් ලකුණු 37ක් රැස්කළේය.


ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග (2/24) හා මහීෂ් තීක්ෂණ (2/19) කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.

 

More News..