roadBlockMobile
brand logo
logo
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

15 October 2024

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (15) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමසමත් විය.


ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටය.


දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.


දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 5කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණි.


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය තරග 3කින් සමන්විතය.



අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු වී තිබේ දුනිත් වෙල්ලාලගේ සහ නුවන් තුෂර කණ්ඩායමට ඇතුලත් වන අතර දුනිත් වෙල්ලාලගේ තමන්ගේ පළමු T20 තරඟයට මුහුණ දෙයි



 

More News..