roadBlockMobile
brand logo
logo
කුකුළු මස් ආනයනයට අවසර

කුකුළු මස් ආනයනයට අවසර

31 July 2023

කුකුළු මස් ආනයනය කිරීමට අවසර දීමට තීරණය කළ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අද (31) පැවසීය.


එම අමාත්‍යංශයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා එසේ පැවසීය. 


පසුගිය 27 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම පිළිබඳ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කුකුළු මස් වෙළෙඳපොළේ පවතින අධික මිලගණන් හේතුවෙන් ඇතිවී තිබෙන ජනතා පීඩාව අවම කිරීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවය.


මෙම තීරණය මගින්ද කුකුළු මස් වෙළෙඳපොළේ මිල පාලනයක් සිදුනොවුනහොත් ඉදිරියේදී පරිභෝජනයට අවශ්‍ය කුකුළුමස් ආනයනයට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

 

More News..