brand logo
logo
දෙහිවල අනතුර ඝාතනයක් ද?

දෙහිවල අනතුර ඝාතනයක් ද?

22 February 2024


දෙහිවලදී මෝටර් රථයක් ස්කූටර් වර්ගයේ යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියේ ගමන් කල 52 හැවිරිදි වියේ පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


දෙහිවල කඩවත පාරේ පැරකුම්බා මාවතට හැරෙන මංසන්ධිය අසළ දී මෙම අනතුර සිදුව ඇති අතර මෙය හිතාමතා සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.


අනතුරට පෙර සැකකාර මෝටර් රථයේ රියදුරු සහ මියගොස් ඇති පුද්ගලයා අතර බහින්බස්වීමක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන්ද මේ වනවිට පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.


කෙසේ වෙතත් විමර්ශන සිදුකළ දෙහිවල පොලීසිය විසින් මේ වනවිට සැකකාර කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරු හෙටදින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව බව පොලීසිය පවසයි.

 

More News..