brand logo
logo
 ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයෙක්ට තරග තහනමක්

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයෙක්ට තරග තහනමක්

15 February 2025



පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය දිනූ 23න් හැවිරිදි ඉතාලි ටෙනිස් ක්‍රීඩක ජැනික් සින්නර්ට තරඟ තහනමක් පනවා තිබේ.


ඒ පෙබරවාරි 09වනදා සිට මැයි 04වනදා දක්වා බවයි වාර්තා වේ.


තහනම් උත්තේජක පරීක්ෂණ දෙකක් සම්බන්ධයෙන් ලෝක මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය සමඟ පැමිණි එකඟතාවයකට අනුව ඔහුට මෙම තහනම පැනවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


කෙසේ වෙතත් මැයි 19වනිදා ආරම්භ වන වසරේ මීළඟ ග්‍රෑන්ඩ් ස්ලෑම් ඉසව්ව වන ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියට ක්‍රීඩා කිරීමට ඔහු සුදුසුකම් ලබා තිබේ.

 

More News..