පාකිස්ථානයේදි චීන ජාතිකයින් දෙදෙනෙකුට වෙඩි
06 November 2024
පාකිස්ථානයේදි චීන ජාතිකයින් දෙදෙනෙකුට වෙඩි
06 November 2024
පාකිස්තානයේදී චීන ජාතිකයන් දෙදෙනෙකුට වෙඩිතබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානයේ ආරක්ෂක නිලධාරියෙකු විසින් කරච්චි හිදී රෙදිපිළි කම්හලක සේවය කරන චීන ජාතිකයින් දෙදෙනෙකුට එලෙස වෙඩිතබා ඇති බව පැවසෙයි.
එරට මාධ්‍ය පැවසුවේ වෙඩිතැබීමෙන් අදාළ චීන ජාතිකයින් දෙදෙනා තුවාල ලබා ඇති බවයි.
පසුගියදා එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ද චීන ජාතිකයන් දෙදෙනෙක් මියගොස් තිබුණි.