roadBlockMobile
brand logo
logo
19 වැනිදායින් පසු වැස්ස වැඩි වෙයි

19 වැනිදායින් පසු වැස්ස වැඩි වෙයි

17 March 2023 | සාලිය කුමාර ගුණසේකර

මෙම මස 19 වැනිදායින් පසු වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් පවසයි.


රට තුළ අන්තර් මෝසම් ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවද ඔහු කීවේය.


අද (17 ) දිනයේදී බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඊයේ (16 ) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තාවී ඇත්තේ අරණායක ප්‍රදේශයෙනි.


එම ප්‍රදේශයෙන් මිලි මීටර් 94 ක වර්ෂාපතනයක් වාර්තා විය.

 

More News..