කිරි-යෝගට්-මස් මිල දෙගුණයකින් ඉහළට
17 February 2023
කිරි-යෝගට්-මස් මිල දෙගුණයකින් ඉහළට
17 February 2023
කිරි, යෝගට් සහ මස් ඇතුළු සියලු නිෂ්පාදනවල මිල දෙගුණයකින් ඉහළ දැමීමට සිදුවන බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුව පවසයි.
විදුලි බිල සියයට 66කින් ඉහළ දැමීම ඊට හේතුව බව එහි කැදවුම්කරු සුජීව ධම්මික පැවසීය.
සත්ව නිෂ්පාදකයින්ට ශීතකරණ සහ අධිශීතකරණ භාවිතා කිරීමට සිදුවන බවත්, විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමග තම නිෂ්පාදන ශීතකරණවල තබා ගැනීමට විශාල වියදමක් දැරීමට සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි.
ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැදවුම්කරු සුජීව ධම්මික මේ බව පැවසුවේ අද (17) ගොවිගෙදර මූලස්ථානයේදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
"සියයට 66 කින් විදුලි ගාස්තු ඉහළය යාමත් එක්ක. නිෂ්පාදකයා තම නිෂ්පාදනය සියයට 66 කින් ඉහළ දානවා. එතකොට තොග වෙළෙන්දා ද සියයට 66කින් ඉහළ දානවා. එම නිෂ්පාදනය සිල්ලර වෙළෙඳා ළඟට එනකොට 98%කින් මිල ඉහළ යනවා."