roadBlockMobile
brand logo
logo
පානදුර ප්‍රදේශයේ නිවසක මළසිරුරු දෙකක්

පානදුර ප්‍රදේශයේ නිවසක මළසිරුරු දෙකක්

15 October 2024 | දර්ශාන් කානිල් - මොරටුව

පානදුර ප්‍රදේශයේ නිවසක පිරිමි පුද්ගලයකුගේ සහ කාන්තාවකගේ මළසිරුරු දෙකක් තිබී පානදුර පොලිසිය විසින් අද (15 වැනිදා) සොයාගෙන ඇත.


කාන්තාවගේ මළසිරුර සාලයේ බිම වැටී තිබී ඇති අතර පිරිමි පුද්ගලයාගේ මළසිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබූ බව පොලිසිය පවසයි.


ඔවුන් අනියම් යුවළක් බවටත් ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් 47 හැවිරිදි පිරිමි පුද්ගලයා විසින් 42 හැවිරිදි කාන්තාව ඝාතනය කර ගෙල වැලලා ගන්නට ඇති බවටත් සැකකරන බවත් පොලිසිය සඳහන් කරයි.


මෙලෙස මියගොස් ඇති කාන්තාවට 16 හැවිරිදි පිරිමි දරුවෙක් සහ 23 හැවිරිදි විවාහක දියණියක් ද සිටී.


ඇය වසර ගණනකට ඉහතදී විදේශ රැකියාවක් කර නැවත මෙරටට පැමිණ නිවසේ සිට ස්වයං රැකියාවක් වශයෙන් මසා නිමකළ රෙදි බෑග් ආදිය වෙළෙඳසල්වලට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් සිදු ගෙන ගොස් ඇති බවද පැවැසේ.

 

More News..