ලොකු ලූනු මිල ඉහළට
21 November 2024 | කේ. කේ. අරියදාස - දඹුල්ල
ලොකු ලූනු මිල ඉහළට
21 November 2024 | කේ. කේ. අරියදාස - දඹුල්ල
දේශීය හා විදේශීය ලොකු ලූනු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කරයි.
දේශීය ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 400 ක් දක්වාද, ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල 370ක් දක්වාද ඉහළ ගොස් තිබේ.
තොග මිල ඉහළ යාම නිසා ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 600 ක් දක්වා වැඩිවී ඇත.
ඉන්දියාව, පකිස්ථානය, ඕලන්දය තූත්තුකුඩි, ඉරානය ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ලූනු ආනයනය කිරීම සීමා කිරීමත් සමග මෙරට ලොකු ලූනු මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ව්‍යාපාරිකයන් පසුගිය දිනවලදී දේශීය ලොකු ලූනු තොග අඩු මිලකට මිලදී ගත් අතර, ඔවුන් ඒවා ගබඩා තුළ සඟවාගෙන මේ දිනවල වැඩි මිලකට වෙළෙඳපොළට නිකුත් කරන බව ආර්ථික මධ්‍යස්ථාන ආරංචිමාර්ග කියයි.