roadBlockMobile
brand logo
logo
ධීවරයින්ට දැනුම් දීමක්

ධීවරයින්ට දැනුම් දීමක්

27 July 2024

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබේ.


සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව එහි සඳහන් වේ.


එම දෙපාර්තමේන්තුව පැවසුවේ අරාබි මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 13 ත් 23 ත් සහ නැගෙනහිර දේශාංශ 55 ත් 70 ත් යන ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍ දෙශයේ උතුරු අක්ෂාංශ 13 ත් 18 ත් සහ නැගෙනහිර දේශාංශ 83 ත් 93 ත් යන මුහුදු ප්‍රදේශ වල පැයට කිලෝමීටර් 70 – 80 තද සුළං පවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවය.


මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.


 

More News..