brand logo
ගතවූ මාස හතරට ඩෙංගු රෝගීන් විසි එක් දහස පනී

ගතවූ මාස හතරට ඩෙංගු රෝගීන් විසි එක් දහස පනී

24 April 2024 | වරුණි පෙරමුණ

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් විසි එක්දහස් හයසිය අසූ දෙනකු (21680 ) වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.


එසේම මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වයිරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් නවදෙනකු මියගොස් ඇත.


අප්‍රේල් මාසයේ මේ දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් එක්දහස් හයසිය හතළිස් එක්දෙනකු වාර්තා වී ඇත.


එසේම වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව හත්දහස් හත්සිය අසූ එකකි .


වර්ෂාවෙන් පසු ඩෙංගු ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.


දින තුනකට වඩා වැඩියෙන් උණ පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස වෛද්‍යවරු දැනුම් දෙති.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ස්ථාපිත කර ඇති 011- 7 966 366 මෙම ක්ෂණික දුරකථන අංකයට සෙනසුරාදා - ඉරිදා සහ රජයේ නිවාඩු දින ඇතුළුව පෙරවරු 8.00 සිට රාත්‍රි 8.00 දක්වා ඩෙංගු රෝගය පිළිබඳව තොරතුරු දැන ගැනීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැන්වීමට හැකියාව ඇත.

 

More News..