රෝහලේ මත් පෙති විකුණද්දී සුව සේවිකාව දැලේ
12 December 2022 | සාලිය ගමසිංහආරච්චි -කෑගල්ල
රෝහලේ මත් පෙති විකුණද්දී සුව සේවිකාව දැලේ
12 December 2022 | සාලිය ගමසිංහආරච්චි -කෑගල්ල
සෞඛ්‍ය සේවිකාව අද අධිකරණයට
කෑගල්ල මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයිකාවක් රෝහල් වාට්ටුවේදී මත් පෙති 173ක් රුපියල් 2000 කට අලෙවි කරමින් සිටියදී ඊයේ(11) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පරගම්මන නාමල් උයන පදිංචිව සිටින 58 හැවිරිදි කාන්තාවකි.
අත්අඩංගුවට ගෙන ඇති රෝහල් සේවිකාව කෑගල්ල මහ රෝහලේ හයවන වාට්ටුවේ සේවය කරන බවත් තව වසර දෙකකින් විශ්‍රාම යාමට නියමිතය.
ඇයගේ පුත්‍රයා ද කලක සිට මත්ද්‍රව්‍ය අලෙවිය හා පානය කරන බවත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇති බවත් පොලිසිය පැවසීය.
මෙම සෞඛ්‍ය සේවිකාව අද 12 වැනිදා කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අත් අඩංගුවට ගත් සෞඛ්‍ය සේවිකාව පාසල් සිසුන් ඉලක්ක කර මෙම මත් පෙති අලෙවි කරන බවත් ඇය නිල ඇඳුමින් සැරසී සිටිය දී අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.
කෑගල්ල මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් අබේවික්රමගේ උපදෙස් පරිදි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අර්ජුන වික්‍රමසිංහ ඇතුළු නිලධාරින් මෙම වැටලීම සිදු කර තිබිණි.