brand logo
logo
කුකුළු මස්, මාළු මිල ගැන තීරණයක්

කුකුළු මස්, මාළු මිල ගැන තීරණයක්

05 June 2023

කුකුළු මස් සහ මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම තාවකාලික සිදුවන දෙයක් බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.


පසුගිය දින කිහිපය තුළ කුකුළු මස්, මාළු මෙන්ම එළවළු මිල ගණන්ද ඉතා ඉහළ අගයක් ගත් අතර එම තත්ත්වය මේ දක්වාත් පවතී.


මෙම තත්ත්වය ඉදිරි සතිය හෝ දෙකක කාලයක් දක්වා පැවතිය හැකි බව සඳහන්ය.


කෙසේ වෙතත් අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම කිසිසේත් සිදුකළ නොහැකි අතර ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට පියවර ගෙන ඇති බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.


මේ අතර ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල ඉදිරි සති කිහිපය ඇතුළත පහත යනු ඇති බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.


එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ, සීත කළ කුකුළු මස් මිල ඉහළ දමා නොමැති බවය.


 

More News..