රටින් පැන්න පාතාලයන් දෙදෙනකු යළි මෙරටට රැගෙන එයි
20 February 2025 | ටී.කේ.ජී.කපිල - කටුනායක
රටින් පැන්න පාතාලයන් දෙදෙනකු යළි මෙරටට රැගෙන එයි
20 February 2025 | ටී.කේ.ජී.කපිල - කටුනායක
ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූූ, මෙරට අපරාධ රැසකට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනකු ඊයේ (19 වැනිදා) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබිණි .
මොවුන් අතුරින් පළමු වැන්නා නදුන් චින්තක නොහොත් හරක් කටා නමැති සංවිධානාත්මක අපරාධකරුට මෙරටින් පලා යාම සඳහා උදව් උපකාර කළ බවට සැලකෙන අයකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවකි .
අනෙක් පුද්ගලයා මිනීමැරුම්,වෙඩි තැබීම් රාශියකටම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ චෝදනා ලබා සිටි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකි .
මොවුන් දෙදෙනා ඊයේ (19 වැනිදා) දින පස්වරු 12.50 ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. -1175 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබිණි.
කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු මොවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.
තවත් මෙවැනිම රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් දෙදෙනකු ඊයේ (19 වැනිදා) දින රාත්‍රි ද කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට නියමිතව තිබිණි.