brand logo
logo
එළවළු වර්ග රැසක මිල පහළට

එළවළු වර්ග රැසක මිල පහළට

17 February 2023 | සාලිය කුමාර ගුණසේකර / බී.ඩබ්.ඩී.එල්.ඊ. ධර්මකීර්ති - තඹුත්තේගම / සුනිල් රූපසිංහ - පල්ලේපොල

ආර්ථික මධ්‍යස්ථානවලට ගොවීන් රැගෙන එන එළවළු මිලදී ගැනීම සඳහා සිල්ලර සහ තොග වෙළෙඳුන් නොපැමිණීම නිසා එම මධ්‍යස්ථානවල වෙළෙඳාම් කටයුතු අඩාළ වී තිබේ.


ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීන් සඳහන් කරන පරිදි බෝංචි, මාළු මිරිස් හැර අනෙකුත් එළවළු වර්ග රැසක මිල ගණන් අඩුවී ඇතත්, එළවළු මිලදී ගැනීම සඳහා වෙළෙඳුන්ගේ පැමිණීම විශාල ලෙස අඩුවී ඇත.


පාරිභෝගිකයන් එළවළු මිලදී නොගැනීම නිසා එළවළු වෙළෙඳසල් රැසක් වැසී ගොස් ඇතැයිද වෙළෙන්දෝ කියා සිටිති.


එළවළු වර්ග කීපයක ඊයේ (16 වැනිදා) පැවැති තොග කිලෝවක මිල ගණන් මෙසේය.


බෝංචි රු. 280-300

බීට්රෑට් රු. 100-110,

වම්බටු රු.150-160

ගෝවා රු. 25-35

අතුගොවා රු. 80-100

මාළුමිරිස් රු.350-650

කැරට් රු. 80-160

පිපිඤ්ඤා රු.130-140

අමු මිරිස් රු.180-200

නෝකෝල් රු.120-190

ලීක්ස් රු.170-180

අර්තාපල් (වැලිමඩ) රු. 220-230

රාබු රු.25-30

වට්ටක්කා (මැලේසියන්) රු. 70-80

තක්කාලි රු 140-160

රාබු රු.50

 

More News..