සීනි සභාපති ගෙදර යයි
28 March 2025 | චාමර පල්ලේගෙදර
සීනි සභාපති ගෙදර යයි
28 March 2025 | චාමර පල්ලේගෙදර
ලංකා සීනි සමාගමේ සභාපති ලෙස සඳමාලි චන්ද්‍රසේකර පත්කර තිබේ. මීට පෙර එම තනතුරේ රුක්ෂාන් ගුණතිලක කටයුතු කළ අතර ඔහූ ඉවත් වීමත් සමග ඇති වූ පුරප්පාඩුව නිසා මෙම පත් කිරීම කර ඇත.
එමෙන්ම ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා දීපිකා කේ. ගුණරත්න පත් කර තිබේ.
එලෙස පත් වූ නව සභාපතිවරිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය පසුගියදා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලාවලට පැමිණ ආයතනවල ප්‍රධාන නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන්, සේවකයන් සහ ගොවි මහතුන් හමුවූහ.
මේ අතර පැලවත්ත සහ සෙවනගල ඒකකයන් දෙකෙහි සීනි ගබඩාවේ රාජ්‍ය විගණන දෙපාර්තමේන්තුව මගින් විගණනයක් සිදු කිරීම හේතුවෙන් අලෙවි කරන ලද දුඹුරු සීනි පැටවීම් කටයුතු පසුගිය 24 වැනිදා සිට ලබන අප්‍රේල් 02 වැනිදා දක්වා සිදු නොකරන බවට ගැණුම්කරුවන්ට දැනුම් දී තිබේ. නව සභාපතිනි සඳමාලි චන්ද්‍රසේකරගේ අත්සනින් යුතුව ලිඛිතව මෙම දැනුම් දීම සිදු කර තිබේ.
ඒ අනුව අදාළ විගණන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව නැවත සාමාන්‍ය පරිදි පැටවීම් කටයුතු සිදු කරන බවද එම ලිපියේ දැක්වේ.