roadBlockMobile
brand logo
logo
මඩ පොහොර නැවක් අද දිවයිනට

මඩ පොහොර නැවක් අද දිවයිනට

16 March 2023

වගා කන්න තුනකට පසු පළමු වතාවට මෙරට ගොවිජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් ටී.එස්.පී පොහොර රැගත් නෞකාවක් අද (16) අළුයම කොළඹ වරායට පැමිණ තිබේ.


එම නෞකාවෙන් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් මෙරටට රැගෙන විත් ඇති අතර, ඉදිරියේදී තවත් එවැනිම මඩ පොහොර නෞකාවක් පැමිණීමට නියමිතය.


එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ USAID ආයතනවල දායකත්වයෙන් එම මඩ පොහොර ලබා දී තිබේ. 


මෙරට ලක්ෂ 12ක් වන සියලුම වී ගොවීන්ට මෙම මඩ පොහොර තොගය නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති පරිදි, හෙක්ටයාර් 01කට මඩ පොහොර කිලෝග්‍රෑම් 55ක් බැගින් නොමිලයේ ලබා දීමට නියමිතය.


මෙම පොහොර තොගය නිල වශයෙන් භාරදීම හා ගොවීන්ට බෙදා හැරීමේ කටයුතු ලබන 19 වැනි ඉරිදා පස්වරු 1.00ට වත්තල කොමර්ෂල් පොහොර සමාගම් පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතව තිබේ.

 

More News..