brand logo
logo
තේ වගාකරුවන්ට පොහොර සහනයක්

තේ වගාකරුවන්ට පොහොර සහනයක්

02 November 2023



තේ වගාව සඳහා අවශ්‍ය පොහොර, නිෂ්පාදන මිලටම ලබාදීමට රජයට අයත් පොහොර සමාගම් දෙක එකඟතාවය පළ කර තිබේ.


කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කළේ තේ වගාව සඳහා අවශ්‍ය වන පොහොර සහන මිලකට ලබාදෙන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ ස්වාධීන සංගමය, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.


රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් දැනට තේ, කුරුඳු, පොල් ඇතුළු වැවිලි බෝග වර්ග සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් නිෂ්පාදනය කරනු ලබයි.


මෙම පොහොර තේ වගාව සඳහා ඉතා උචිත වන අතර එම පොහොර සහන මිලකට තේ කර්මාන්තකරුවන්ට ලබාදීම සම්බන්ධව අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරයා වන ආචාර්ය ජගත් පෙරේරා සමග සාකච්ඡා කර තිබුණා.


ඒ අනුවයි තේ වගාව සඳහා අවශ්‍ය කෙරෙන පොහොර, ඒවායේ නිෂ්පාදන මිලටම ලබාදීමට මෙම තීරණය ගෙන ඇත්තේ.

 

More News..